www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

"මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම් පිලිගනින්න;
එවිට නුඹේ ජිවිතයේ අවුරුදු බොහෝ වන්නේය.
ප්‍රඥාවේ මාර්ගය මම නුඹට උගන්වා, හරි වූ මාවත්වල නුඹ ගෙන යන්නෙමි.
එවිට නුඹ යන කළ නුඹේ පාද අවහිර නොවන්නේය.
දුවන කළ නුඹ නොපැකිලෙන්නෙහිය.
ගුරුකම තදින් අල්ලාගෙන, අත් නෑර, එය තබා ගනින්න.
මක්නිසාද එය නුඹේ ජිවනයය.
දුෂ්ඨයන්ගේ මාවතට ඇතුළු නොවන්න.
නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන් නොකරන්න.
එයින් වැලකි, එහි නොගොස්, එයින් අහකට හැරී පලයන්න.
මක්නිසාද ඔහු නපුරක් නොකර නිදා නොගනිති.
යමෙකු හෙලා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාර කම නමැති මුද්රික පානය බොති.
නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත
ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝක වේගන යන්නාවූ ,
අලුයම ආලෝකය මෙන්ය".
-හිතෝපදේශ 4 10 27.

අපගේ පය නොපැකිලෙන පිණිසත් හරිවු මාවත්වල යමින් ජිවත්වන පිණිසත්, දෙවියන්වහන්සේගේ වචනය දිනපතා මෙනෙහිකරිමට ඉගෙන ගනිමු.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)